COVID19:පිටරටදී මිය ගිය අයගේ රක්ෂණ මුදල් කඩිනමින්

කොරෝනා හේතුවෙන් විදෙස් රටවලදී මිය ගිය ලාංකිකයින්ගේ රක්ෂණ මුදල් කඩිනමින්

by Staff writer 15-07-2020 | 5:38 PM

COLOMBO (News 1st) - කොරෝනා ආසාදිතව විදෙස් රටවලදී මිය ගිය ලාංකික ශ්‍රමිකයින් සඳහා වූ රක්ෂණ මුදල් කඩිනමින් ගෙවීමට පියවර ගන්නා බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

එහි සාමාන්‍යාධිකාරී ඩබ්ලිව්. එම්. වී වන්සේකර මහතා සඳහන් කළේ, විදෙස්ගත ලාංකිකයින් 35 දෙනෙකු මේ වනවිට කොරෝනා ආසාදිතව මියගොස් ඇති බවය. මියගිය පුද්ගලයෙකු වෙනුවෙන් ලබාදෙන රක්ෂණ වන්දි මුදල රුපියල් ලක්ෂ 6 කි. මියගිය පුද්ගලයින්ගේ මරණ සහතික ඇතුළු සියලු ලිපි ලේඛන ලබාදෙන්නැයි අදාළ රටවල තානාපති කාර්යාලවලට දැනුම් දී තිබේ. මියගිය පුද්ගලයින් 10 දෙනෙකුගේ ලිපි ලේඛන, මේ වනවිට විදේශ සේවා නියුක්ති කාර්යාංශයට ලැබී ඇතැයි ද ඔහු සඳහන් කළේ ය.