"ඉදිරි දින කිහිපය ඉතාමත්ම වැදගත්"

ඉදිරි දින කිහිපය ඉතා වැදගත්: පරිස්සම් වෙන්න - යුද හමුදාපති

by Staff writer 15-07-2020 | 8:11 PM

COLOMBO (News 1st) - ඉදිරි දින කිහිපය ඉතාමත්ම වැදගත් බව කොරෝනා මර්දන කාර්ය සාධක බලකා ප්‍රධානී, යුද හමුදාපති ලුතිනල් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

කොරෝනා මර්දන කාර්ය සාධක බලකා ප්‍රධානී ලුතිනල් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා,
ඉදිරි දින කිහිපය ඉතාමත්ම වැදගත් වනවා.මොන රැල්ලක් එන්නත් දෙන්න ඕනේ සමාජය තුළින් රටේ ඉන්න ජනතාව මාර්තු මාසයේ 10 වැනි දා ඉඳලා අප්‍රේල් 30 වැනි දා දක්වා වූ කාලය තුළ විශාල කැපකිරීම් කරමින් සෞඛ්‍ය උපදෙස් අනුව ක්‍රියාකරමින් කටයුතු කරපු නිසා තමයි අප්‍රේල් 30 වැනි දා සමාජයේ අවසන් ආසාදිතයා බවට පත්වීමට වග බලාගත්තේ විශේෂයෙන්ම මේ කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සේවය කරපු අයවලුන් ඔවුන් නොදැනුවත්ව ඔවුන්ගේ කඳවුරේ ආසාදිතයින් ඉන්නවා කියලා නොදැනුවත්කමින් නිවාඩු ඇවිල්ලා යම් යම් ස්ථානවල ගිහිල්ලා තියෙනවා. ඒක හින්දා සමාජයේ ඉන්න සියලුම පුරවැසියන් දැනගතයුතුව තියෙනවා මෙහේම තත්ත්වයක් තියෙන නිසා ඔබ නිවසෙන් පිටතට එනවා නම් මාස්ක් එකක් දාගෙන පැමිණිය යුතුවම තියෙනවා කළින් කිව්වා මාස්ක් එක කට නහය ආවරණය කරගන්නවා විනා නිකට ආවරණය කර ගැනීම සඳහා නොවෙයි ඒ ආකාරයෙන් කළ යුතුමයි ඒත් එක්කම අත පිරිසිදු කර ගැනීම සහ ශාරීරික දුරස්ථභාවය හැකිතාක් දුරට රැකගනිමින් ක්‍රියාකලොත් ඔබ කියන රැල්ලක් වළක්වා ගැනීමේ හැකියාවක් තියෙනවා. සෑම පුරවැසියෙකුගේම යුතුකමක් වෙනවා කෙසේ හෝ තමුන් ආසාදිතයෙකු නොවන ආකාරයෙන් වගබලාගන්න.
ප්‍රශ්නය,
ගරු අගමැතිතුමා ප්‍රකාශයක් කළා නිලධරීන් දාගෙන කොවිඩ් නැති කරන්න බැහැ. දේශපාලන තීන්දු තීරණ ගන්න ඕනේ. අදාළ අංශ සත්‍ය තොරතුරු සැඟවීමක් කරනවා කියලා. මේකේ යම්කිසි සත්‍යතාවක් තියෙනවා ද?
කොරෝනා මර්දන කාර්ය සාධක බලකා ප්‍රධානී ලුතිනල් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා,
අතිගරු ජනාධිපතිතුමා අග්‍රාමාත්‍යතුමා ඊයේ දවසෙත් කොවිඩ් රටෙන් තුරන් කිරීම එය මැඩපැවැත්වීම සඳහා වූ කාර්ය සාධක බලකාය රැස්කරලා ඒ කාර්ය සාධක බලකායේ ඉන්න සියලුම නිලධාරීන්ට උපදෙස් දුන්නා කොහෝමද මේ කොවිඩ් දැන් ඇතිවෙලා තියෙන තත්ත්වය පාලනය කරගත යුත්තේ කොහෝමද කියන එක ජනාධිපතිතුමත් අග්‍රාමාත්‍යතුමාත් අපි සියලු දෙනාට උපදෙස් ලබාදුන්නා එහේම අවස්ථාවක මම හිතන්නේ නැහැ කිසිම අවස්ථාවට කාටවත් කියන්න අවස්ථාවක් තියෙනවා කියලා මේකට දේශපාලන අධිකාරිය සම්බන්ධ වෙලා නැහැ කියලා. එතුමන්ලා ත්‍රිවිධ හමුදාව පොලීසිය සෞඛ්‍ය කෂේත්‍රය භාවිත කරලා මේ රැල්ල කොවිඩ් ශ්‍රී ලංකාවෙන් තුරන් කිරීම සඳහා කරන කටයුතුවලට භාවිත කරනු ලබනවා.
https://www.facebook.com/NewsfirstSL/videos/1651831934955227/