ආණ්ඩුව ලෙඩ්ඩු හංගලා මැතිවරණ ක්‍රියාවලියේ

"ආණ්ඩුව ලෙඩ්ඩු හංගලා මැතිවරණ ක්‍රියාවලියේ " - සමන් රත්නප්‍රිය

by Staff writer 15-07-2020 | 8:17 PM

COLOMBO (News 1st) - සිවිල් සංවිධාන හා වෘත්තිය සමිති එකමුතුව පවසන්නේ දේශපාලන අවශ්‍යතා මත කටයුතු කිරීම නිසා කොරෝනා අවදානම යළි මතුවී ඇති බවයි.

සිවිල් සංවිධාන හා වෘත්තිය සමිති එකමුතුවේ කැඳවුම්කරු සමන් රත්නප්‍රිය මහතා,
ආණ්ඩුවේ තියෙන නොහික්මුනු ක්‍රියා කලාපය නිසා තමයි කෝවිඩ් 19 දෙවැනි රැල්ල රටේ එළියට එන්නේ. මැතිවරණයෙන් තුනෙන් දෙක ගන්න බලාගෙන සෞඛ්‍ය නීතිරීති සහ උපදෙස් අභිබවා ආණ්ඩුව විසින් තීරණ ගන්න තැනකට පත් වෙලා තියෙනවා. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා කියනකොට අඩි තුනෙන් තුනට ඉන්න කියලා මහින්ද අමරවීර ඇමතිවරයා කියනවා සීට් ගාණට බස් එකේ යන්න දෙනවා කියලා. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා කියකොට මාස්ක් එක පළඳින්න කියලා පොලීසියත් කියනවා මාස්ක් එකක් පළඳින්න කියලා. සෞඛ්‍ය අංශයේම වෙන කෙනෙක් ඇවිත් කියනවා මාස්ක් එකක් අත්‍යවශ්‍ය නෑ කියලා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපදෙස් ගත්තෙත් නෑ. උපදෙස් පිළිපැද්දෙත් නෑ. ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ තාක්ෂණ නිලධාරීන් කියන උපදෙස් පිළිපැද්දෙත් නෑ. රෝග පරීක්ෂණ අඩුවෙන් කරනකොට ලෙඩ්ඩු හම්බවෙන්නේ නෑ. රෝග ලක්ෂණ පහළ නොවීමේ සීයට අසූවේ වාසියත් ගන්නවා. රෝග පරීක්ෂා කරාට පස්සේ ඒකේ සීයට තිහක් සංවේදීතාව නැති එකේ වාසියත් ගන්නවා. පරීක්ෂණ නොකිරීමේ වාසියත් ගන්නවා. එහෙම අරගෙන ලෙඩ්ඩු හංගලා වහලා තියලා මැතිවරණ ක්‍රියාවලිය ඉස්සරහට අරන් යන්න තමයි ආණ්ඩුව කටයුතු කරන්නේ.
https://www.facebook.com/NewsfirstSL/videos/598169611127981/