නව නාවික හමුදාපති පත් කෙරේ

වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න නාවික හමුදාපති ධුරයට

by Staff writer 15-07-2020 | 10:37 AM
COLOMBO (News 1st) : මෙරට 24 වැනි නාවික හමුදාපතිවරයා ලෙස වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා පත්කර තිබේ. ඒ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින්. නිශාන්ත උළුගේතැන්න මහතා, මීට පෙර නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී ලෙස කටයුතු කළේ ය. ඔහු, කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි. හිටපු නාවික හමුදාපති, අද්මිරාල් පියල් ද සිල්වා මහතා ඊයේ සිය ධුරයෙන් විශ්‍රාම ගියේ ය.