by Staff writer 15-07-2020 | 10:49 AM
COLOMBO (News 1st) : ජපානය සහ කැනඩාවේ රැකියා ලබාදෙන බව පවසා රුපියල් ලක්ෂ 53 කට අධික මුදලක් වංචා කළ සැකකරුවෙකු මහනුවරදී අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසීය සඳහන් කළේ, ඔහු දිවයිනේ ප්‍රසිද්ධ විහාරස්ථානවල ස්වාමීන් වහන්සේලාගේ සහ ප්‍රභූන්ගේ නම් භාවිත කරමින් විදෙස් රැකියා ලබාදෙන බව පවසා ජනතාවගෙන් මුදල් ලබාගෙන ඇති බවයි.
ව්‍යාජ නම් දෙකකින් පෙනී සිට ඇති සැකකරු එලෙස වංචා කර ඇති මුදල, රුපියල් 5,379,900 කි.
සැකකරු සම්බන්ධයෙන් දිවයිනේ පොලිස් ස්ථාන 19 කට පැමිණිලි ලැබී ඇතැයි පොලීසීය සඳහන් කළේ ය.
සැකකරු පුවත්පත් දැන්වීම්වල පළ වන දුරකතන අංකවලට ඇමතීමෙන් ද, මූල්‍ය වංචා කර ඇතැයි පොලීසීය සඳහන් කළේ ය.
ගාල්ලේ පදිංචි 41 හැවිරිදි සැකකරු අද තෙල්දෙණිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.