මි. 100ක් අන්ත දුගී වනු ඇතැයි, අනතුරු ඇඟවීමක්

මි. 100ක් අන්ත දුගී වනු ඇතැයි, අනතුරු ඇඟවීමක්

by Staff writer 15-07-2020 | 8:21 AM
COLOMBO (News 1st) : ලොව පුරා මිලියන 100ක් අන්ත දුගීභාවයට පත්වනු ඇති බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය අනතුරු අඟවයි. එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්තෝනියෝ ගුටියරෙස් පවසන්නේ වසර අවසාන වන විට මිලියන 265 ක ජනතාවකට උග්‍ර ආහාර හිඟයකට මුහුණ දිමට සිදුවිය හැකි බවයි. කොරෝනා වසංගතය හේතුවෙන් ලෝකය, දැඩි ආර්ථික පසුබෑමකට ලක්වනු ඇතැයි ද ඔහු පවසයි. මේ අතර අමෙරිකාවේ පරීක්‍ෂා කරන ලද පළමු COVID-19 එන්නත , විද්‍යාඥයින් බලාපොරොත්තු වූ ආකාරයටම පුද්ගල ප්‍රතිශක්තිකරණ පද්ධතිය උත්තේජනය කරන බව තහවුරු වී තිබේ. අමෙරිකාවේ ප්‍රධාන බෝවන රෝග විශේෂඥ වෛද්‍ය ඇන්තනි ෆවුසි පැවසුවේ එය සුබ ආරංචියක් බවයි. පුද්ගලයන් 30,000 ක් යොදා කළ පරීක්ෂාවකදී ඒ බව තහවුරු වී තිබේ. මේ වන විට ලොව පුරා වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව, එක් කෝටි තිස් හතර ලක්ෂ හතළිස් හතර දහස ඉක්මවා ඇත. වාර්තා වන මරණ සංඛ්‍යාව පන්ලක්ෂ අසූදහස ඉක්මවා තිබේ.