පුද්ගලයින් 3000 කට අධික පිරිසක් ස්වයං නිරෝධායනයට

පුද්ගලයින් 3000 කට අධික පිරිසක් ස්වයං නිරෝධායනයට

පුද්ගලයින් 3000 කට අධික පිරිසක් ස්වයං නිරෝධායනයට

කර්තෘ Staff writer

15 Jul, 2020 | 8:13 am

COLOMBO (News 1st) : දිස්ත්‍රික්ක 16 ක පුද්ගලයින් 3000 කට අධික පිරිසක්, ස්වයං නිරෝධායනයට යොමු කර ඇතැයි, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.

එහි ලේකම් මහේන්ද්‍ර බාලසූරිය මහතා සඳහන් කළේ, ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් සහ කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානයේ කාර්ය මණ්ඩල සාමාජිකයින් මෙන්ම ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් එලෙස ස්වයං නිරෝධායනයට යොමු කර ඇති බවයි.

මේ අතර තවත් කොරෝනා ආසාදිතයින් 19 දෙනෙකු, ඊයේ හඳුනා ගැනිණ.

ඉන් 9 දෙනෙකු කන්ඳකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානයේ ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් ය.

සේනපුර පුනරුත්තාපන මධ්‍යස්ථානයේ තවත් රැඳවියන් 4 දෙනෙකු ද ආසාදිතයින් ලෙස හඳුනා ගැනිණ.

සෙසු පුද්ගලයින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සහ ඕමාන් සිට පැමිණි පුද්ගලයින් ය.

මේ වන විට මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 2665 කි.

කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානයෙන් පමණක් ආසාදිතයින් සංඛ්‍යාව 532 දෙදෙනෙකු මේ වන විට හඳුනාගෙන තිබේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]