English
தமிழ்
කර්තෘ Staff writer
15 Jul, 2020 | 8:32 pm
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් ශෙනාල් ප්‍රනාන්දු මහතා,
මාර්තු, අප්‍රේල් මාසයේ රෝගීන් මතුවුවාට වඩා මේ වෙලාවේ රෝගීන් පොකුරු වශයෙන් වාර්තා වෙලා පැතිරීමේ යම් කිසි අවදානම් තත්ත්වය එදාට වඩා අද වැඩියි මහජන සෞඛ්‍ය පිළිබඳ අවදානම් අවස්ථාවක අපි සිටින්නේ මෙහිදී වැදගත්වෙන කාරණය තමයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් මේ වසංගත රෝග ඒකකයේ නිලධාරීන් නිවැරදිව ගන්න තීන්දු තීරණ මත ඉදිරිය බලපානවා. ඒ සඳහා අවශ්‍ය දේශපාලන සහයෝගය ලැබී තිබෙන වේලාවක සෞඛ්‍ය අමාත්‍යාංශය නිවැරදි තීන්දු තීරණ ලබාගත්තේ නැතිනම් තමා මේ තත්ත්වය බරපතළ වෙන්නේ තාක්ෂණික තීන්දු තීරණ ගන්නා කණ්ඩායම නිතර රැස්වෙලා තාක්ෂණික කමිටුව රැස්වෙලා මේ පිළිබඳව සාකච්ඡා කරලා දෛනික සමාලෝචනය කරලා දෛනිකව සතිපතාවත් රැස්වෙලා මේ තියෙන තත්ත්වය සමාලෝචනය කළ යුතුයි.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක හරිත අලුත්ගේ මහතා,
වැලිසර නාවික හමුදා කඳවුරේ සිද්ධියේදීත් අපි ඉතාම පැහැදිලිව කිව්වා. අපි අතින් වෙච්ච වැරදි හඳුනාගෙන ඒ වැරදිවලින් අනාගතයට පාඩම් ඉගෙනගත යුතුයි කියලා. නමුත් අපි දකින විදියට ඒක ප්‍රමාණවත් පරිදි සිද්ධ වුනේ නැහැ. ඒ නිසා අපි අද කියනවා කන්දකාඩුවෙන් අපි පාඩම් ඉගෙනගමු. කුඩා කණ්ඩායම් ඛාණ්ඩගත කරමු. ඒ අය එකට එකක් මිශ්‍ර වෙන්නේ නැතුව ඒ අය වෙනවෙනම අපිට කළමනාකරණය කරගන්න ඕනම ආයතනයක පවා මේ වගේ මධ්‍යස්ථානයක පවා මේ වගේ ලොකු පිරිසක් එකවර බිහිවෙන එක වළක්වන්න පුළුවන්. උතුරු පළාත හැරුනහම අනෙක් හැම පළාතටම අඩුවැඩි වශයෙන් මේ වෙනකොට රෝගින් වාර්තා වෙමින් තිනෙනවා. ඒ වගේම ස්පර්ශකයින් වාර්තාවෙමින් තියෙනවා. එක එක පළාත්වල අවදානම වෙනස්. සෝනල් ලොක් ඩවුන් එකක් අපිට වහන්න පුළුවන් කුඩාම ඒකකය වහන්න. එතකොට ඒකේ තියෙන බලපෑම අඩුයි. ක්ෂණිකව ඒ ක්‍රියාමාර්ගවලට ගියොත් එහේම රටටම මේකේ බලපෑම එනඑක වළක්වගන්න පුළුවන් වෙයි.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ උපලේකම් නවීන් ද සොයිසා මහතා,
කොරෝනා වසංගතය සම්බන්ධයෙන් වැරදි තොරතුරු සමාජගත කිරීම කොරෝනා වසංගතය වළක්වා ගන්න. එහේම නැතිනම් දෙවැනි රැල්ලක් ඇතිවීම වළක්වාගන්න අපිට බාධාවක් වෙලා තියෙනවා. තොරතුරු ලබාදීමේ පාර්ශවයන් නිවැරදි පරිදි මාධ්‍යවලට ඇවිල්ලා නිවැරදි පරිදි ලබානොදිමත් යම් ආකාරයකට වැරදි තොරතුරු සමජගත කිරීමට හේතුවක් වෙලා තියෙනවා. සෞඛ්‍ය විමධ්‍ය ගත කරනවා කියන එකක් නැහැ. සෞඛ්‍ය කියන කාරණයේදී මධ්‍ය ආණ්ඩු ප්‍රතිපත්ති නිෂ්පාදනය කිරීම එහේම ඒ පළාත් සභා ක්‍රමය ගැන විවිධ විවේචන තියෙන්න පුළුවන් සෞඛ්‍ය සම්පන්න ක්‍රියාවලියේදී සෞඛ්‍ය තනි මධ්‍ය ගත ආණ්ඩුවක පාලනය යටතේ සිද්ධවිය යුතුයි කියන ස්ථාවරයේ ඉන්නවා.
මේ අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ මතය පැවසුවේ මේ අයුරිනි…
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා,
දැන් මාස 7ක් පුරාවට මේ රජයත් මේ සෞඛ්‍ය ක්ෂ්ත්‍රයත් මේක ලස්සනට පාලනය කළානේ පළවෙනි රැල්ලක්වත් තිබ්බෙ නෑනේ මේ රටේ කොහෙද රැළි තිබ්බේ? මේ රෝගය හැදෙනවා නම් 100 දෙනෙක්ට, 80 දෙනෙකුට එක්කෝ රෝග ලක්ෂණ නෑ. ඉතිරි සීයට 20 ක් තමයි මේකෙ රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේ. ඒ රෝග ලක්ෂණ පෙන්නුම් කරන සීයට 20 නුත් සීයට 5ක් තමයි අයි සි යු දැඩි සත්කාර ඒකකවලට යන්න තරම් රෝග ලක්ෂණ උත්සන්න වෙන්නේ. මේ වසංගත තත්ත්වය යටතේ වෛද්‍ය ක්ෂේත්‍රයේ වගකීම තමයි මිනිස්සුන්ව බය නොකිරීම. දෙන්න ඕනේ උපරිම පණිවුඩය දෙන්න ඕනේ ස්වයං නිරෝධායනය වීම, මුඛ ආවරණ පැළඳීම, දුරස්ථභාවය රැක ගැනීම,අත් සේදීම වැනි හොඳ සෞඛ්‍ය පුරුදු පවත්වා ගැනීම, රජයටත් කිසිම ලැජ්ජාවක් නෑ, මේ වෘත්තීය සමිතියක් සාකච්ඡා පැවැත්වුවා මුල ඉඳන් අග වෙනකන් මේ රටේ මෙච්චර විද්වත් සංගම් විශේෂත් ඉන්දැද්දි. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඒකේ ඔක්කොම ව්‍යාපාරිකයෝ ඇතුළේ ඉන්නේ. සීයට තිහේ කොමිස් ඉල්ලන්නේ ඒගොල්ලන්ගෙන්, මේක ව්‍යාපාරික වෙළඳ මධ්‍යස්ථානයක් බවට පත් වෙලා තියෙන්නේ
🔺වැරදි තොරතුරු සමාජගත නොකරන්න: 🔺කන්දකාඩුවෙන්වත් අපි පාඩම් ඉගෙනගමු! – රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය#lka #News1st #EW #Covid19 #Harithaaluthge #shenalfernando #naveendesoysa #Kandakadu #GMOA
Posted by Newsfirst.lk on Wednesday, July 15, 2020
මිනිස්සුන්ව බය නොකර සෞඛ්‍ය පුරුදු පවත්වා ගැනීමයි කළ යුතු – රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය
🔺මිනිස්සුන්ව බය නොකර සෞඛ්‍ය පුරුදු පවත්වා ගැනීමයි කළ යුතු – රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය#lka #News1st #ULM #Covid19 #GMOA #Rukshanbellana
Posted by Newsfirst.lk on Wednesday, July 15, 2020
23 Jan, 2022 | 08:39 AM
09 Jun, 2021 | 09:58 PM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS