.webp)

-------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------
UPDATE : ආසාදිතයින් සංඛ්‍යාව 2663ක් දක්වා ඉහළට
COLOMBO (News 1st) 9.00PM : තවත් කොරෝනා ආසාදිතයින් දෙදෙනකු හඳුනා ගැනීමත් සමග මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 2663ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඒ අනුව තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන අසාදිතයින් සංඛ්‍යාව 664කි. සමස්ත ආසාදිතයින් අතරින් මේ වනවිට සම්පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති පුද්ගලයින් සංඛ්‍යාව 1988කි.
-----------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------
UPDATE : අද දිනයේ මේ දක්වා (14) ආසාදිතයින් 15ක්
COLOMBO (News 1st) 7.30PM : අද දිනයේ මේ දක්වා කොරෝනා ආසාදිතයින් 15 දෙනෙකු වාර්තා වීමත් සමග මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 2661ක් දක්වා ඉහළ ගොස් තිබේ. අද දිනයේ වාර්තා වූ ආසාදිතයින් මෙසේයි.... ?කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානය ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් 4ක් ?සේනපුර පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන් 4ක් ?කුණ්ඩසාලේ ප්‍රදේශයේ පදිංචි කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ආසාදිතයන්ගේ ආශ්‍රිතයින් 2ක් (උපදේශකයෙකුගේ භාර්යාව සහ මාමණ්ඩි) ?රාජංගනය ප්‍රදේශයේ පදිංචි කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් 1ක් ?ලංකාපුර ප්‍රදේශයේ පදිංචි කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානය ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් 01ක් ?ඕමාන් සිට පැමිණ නිරෝධායනයට ලක්වෙමින් සිටින 3ක්
------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------
UPDATE : කුණ්ඩසාලෙන් ආසාදිතයින් 2ක් හඳුනා ගනී
COLOMBO (News 1st) 6.30 PM : තවත් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකු හඳුනා ගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. ඒ අනුව මේ දක්වා වාර්තාවී ඇති කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2653 දක්වා ඉහළ ගොස් තිබේ. සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා පැවසුවේ, එම ආසාදිතයින් දෙදෙනා කුණ්ඩසාලේ ප්‍රදේශයෙන් වාර්තා වී ඇති බවයි. --------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2651ක්
COLOMBO (News 1st) : මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2651ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඒ අනුව අද දිනයේ (14) මේ දක්වා වාර්තා වී ඇති ආසාදිතයින් සංඛ්‍යාව 5කි. ඉන් තිදෙනෙකු හඳුනා ගෙන ඇත්තේ, ඕමාන් සිට පැමිණ නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයින් අතරිනි. ඉතිරි දෙදෙනාගෙන් එක් ආසාදිතයෙක් රාජංගනය ප්‍රදේශයෙන් වාර්තාවී ඇති අතර ඔහු කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ආසාදිතයන්ගේ ආශ්‍රිතයෙකු වන අතර අනෙක් ආසාදිතයා ද ලංකාපුර ප්‍රදේශයේ පදිංචි කන්දකාඩු මධ්‍යස්ථානයේ ආසාදිතයන්ගේ ආශ්‍රිතයින් අතරින් හඳුනාගත් අයෙකි. මේ අතර අද දිනයේ තවත් ආසාදිතයින් 7 දෙනෙකු සුවය ලැබීමත් සමග සුවය ලැබූ සමස්ත ආසාදිතයින් ගණන 1,988 දක්වා ඉහළ ගොස් තිබේ. තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 652කි.
