''ලබන 25ට කලින් මේ ඡන්දය තියන්න'' - දයාසිරි

''ලබන 25ට කලින් මේ ඡන්දය තියන්න'' - දයාසිරි

by Staff writer 14-07-2020 | 8:25 PM
COLOMBO (News 1st) : ඡන්දය කලින් පැවැත්විය යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා පවසයි. ඔහු පවසන්නේ, අපේක්ෂකයින් තවදුරටත් රැස්වීම් පැවත්වීමෙදී ජනතාව සමග ගැවසීම අවදානම් සහගත බවයි.
''අපි රැස්වීම්වලට යනවා. මිනිස්සු එනවා මිනිස්සුත් එක්ක අපිට ගැවසෙන්න වෙනවා. එක අපේක්ෂකයෙකුට දෙන්නෙකුට හැදුනොත් රෝගය දසදහස් ගණනක් නිරෝධායනයට ලක්කරන්න වෙනවා.එතකොට ඡන්දය තියා මොකක්වත් කරන්න හම්බවෙන්නේ නැහැ''
එබැවින් ගැසට් නිවේදනය හෝ වෙනස් කර ලබන 25 වන දාට පෙර මැතිවරණය පැවත්වීඹ සුදුසු බව මහලේකම්වරයා යෝජනා කර තිබේ.
''ඒ නිසා මම නම් යෝජනා කරන්නේ කරුණාකරලා ඉක්මනින් 19, 20 ඉවර නම් ගැසට් එක වෙනස් කරලා හරි 25 ට කලින් මැතිවරණය කරන්න කියලා තමයි මම නම් යෝජනා කරන්න මේක පහුවෙන්න පහුවෙන්න ආසාදිතයින් ප්‍රමාණය වැඩිවනවා මිසක අඩුවෙන්නේ නැහැ''