by Staff writer 14-07-2020 | 9:15 PM
COLOMBO (News 1st) : හසලක ගාමිණි.... එනමින් රටම හඳුනන ඔහු රටට අහිමිව අදට වසර 29 ක්.
1991 වසරේ ජූලි මාසයේ අද වැනි දිනක ත්‍රස්තවාදීන් අලිමංකඩ කඳවුරට කඩාවැදුනේ සන්නද්ධ රථයක් ලෙස සකස් කළ බුල්ඩෝසරයක් යොදා ගනිමිනි.
බෝම්බ පුරවා තිබූ එම සන්නද්ධ රථය කඳවුර තුළට කඩා වැදුනොත් දහසකට අධික සහෝදර සෙබළුන්‍ගේ ජීවිත විනාශ වන බව ක්ෂණිකව අවබෝධකරගත් එමරණ විරුවා සිය පණ නොතකා බෝම්බයක්ද රැගෙන ඒ වෙත කඩා පැන්නේ ය.
සහෝදර සෙබලුන්ගේ ජීවිත සුරක්ෂිත කරමින් සන්නද්ධ රථය පුපුරුවා හළ ගාමිණී අලිමංකඩ කඳවුර සතුරන් අතට පත්වීම වළකා ගත්‍තේ මාතෘ භූමිය වෙනුවෙන් තම ජීවිතය පුද කරමිනි.
එම වීර ක්‍රියාව වෙනුවෙන් එවකට ජනාධිපති රණසිංහ ප්‍දොස මහතා විසින් පරම වීර වික්‍රම විභූෂණ සම්මානය ද හසලක ගාමීණී කුලරත්න රණ විරුවාගේ මෑණියන්ට පුද කළේ ය.
එම සම්මානයෙන් පුද ලද පළමු රණ විරුවා ලෙස ඔහු ගෞරවයට පාත්‍රවේ.
හසලක නගරයේ ඔහුගේ පිළිරුවක් ද ඉදි කෙරිණ.
එම පිළිරුව අබියසදී ඔහුගේ 29වැනි සැමරුම් උත්සවය පැවැත්වුණේ, අද පෙරවරුවේයි.
හසලක ගාමිණී රණවිරුවාගේ මෑණියන් වන එස්.ජී. ජුලියට් මාතාව ඇතුළු පිරිස පිළිරුවට පුෂ්‍පෝපහාර පුද කළහ.
පවුලේ ඥාතීන් සහ පොලිස් නිලධාරීහු පිරිසක් ද මෙම සැමරුම් උත්සවයට සහභාගි වූහ.
https://www.facebook.com/NewsfirstSL/videos/814132925657446/