යල කන්නයේ වී මිලට ගන්නා සහතික මිල මෙන්න

යල කන්නයේ වී මිලට ගන්නා සහතික මිල මෙන්න

by Staff writer 14-07-2020 | 4:36 PM

COLOMBO (News 1st) : යල කන්නයේ වී මිලදී ගැනීම සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන මහා භාණ්ඩාගාරයෙන් වී අලෙවි මණ්ඩලය වෙත නිකුත් කර තිබේ.

මුදල් , ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කළේ, යල කන්නයේ වී කිලෝග්‍රෑමයක් රුපියල් 50 කට මිලදී ගන්නා බවයි. වී මිලදී ගැනීම සඳහා වී අලෙවි මණ්ඩලය සතු ගබඩා මේ වනවිට විවෘත කර තිබේ. පසුගිය වසරවල නාඩු වී කිලෝග්‍රෑමයක් රුපියල් 38 කට සහ සම්බා වී කිලෝග්‍රෑමයක් රුපියල් 41 කටත් මිලදී ගෙන තිබුණි. මෙවර සියලුම වී වර්ග කිලෝග්‍රෑමයක් රුපියල් 50 බැගින් මිලදී ගන්නා බව මුදල් ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කළේ ය.