ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

by Staff writer 14-07-2020 | 6:19 AM

දේශීය පුවත්

1. නව කොරෝනා ආසාදිතයින්ගේ තොරතුරු මෙන්න…: ඊයේ දින (13) මේ වනවිට වාර්තා වන කොරෝනා ආසාදිත රෝගීන් ගණන 29 ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි. 2. නාවික හමුදාපතිවරයා අද්මිරාල් නිලයට උසස් කෙරේ: නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා අද (14) සිට ක්‍රියාත්මක වන පරිදි අද්මිරාල් නිලයට උසස් කර තිබෙන බව නාවික හමුදා ප්‍රකාශකවරයා පවසයි. 3. කොරෝනා සමාජයේ පැතිරිලාද? නැත්නම් පැතිරෙයිද? – යුද හමුදාපති කතා කරයි: මේ අවස්ථාවේ කොරෝනා සමාජය තුළ පැතිරීමක් නොමැති බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. නමුත් ඉදිරියේදී පැතිරීමක් නොවේදැයි මේ අවස්ථාවේ සඳහන් කළ නොහැකි බව යුද හමුදාපතිවරයා පවසයි. 4. ඡන්දය කල් දාන්න අවශ්‍ය නැහැ: ආරක්ෂිතම ස්ථානය ඡන්ද මධ්‍යස්ථානය – මැතිවරණ කොමිසමේ සභාපති: ඊයේ මන්නාරමේදී රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ අවස්ථාවකට සහභාගී වූ මැතිවරණ කොමිසමේ සභාපතිවරයා යළි ත් අවධාරණය කළේ මැතිවරණය කල් දැමීමේ අවශ්‍යතාවක් නොමැති බවයි. 5. රාජාංගනයේ ආරක්ෂාව තර කෙරේ, රජයේ කාර්යාලවල සේවා සීමා කෙරේ: ආසාදිතයින් රැසක් වාර්තා වූ රාජාංගනය ප්‍රදේශයේ මේ වනවිට ආරක්ෂාව තර කර ඇති අතර රජයේ කාර්යාලවල සේවා සීමාකර ඇති බව අප වාර්තාකරු ප්‍රකාශ කළේ ය.

විදෙස් පුවත්

6. ලොව පුරා COVID-19 ආසාදිතයින් සංඛ්‍යාව මිලියන 13 ඉක්මවයි: ගත වූ පැය 24 තුළ ලොව වැඩිම COVID-19 අසාදිතයින් පිරිසක් වාර්තා වූ බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.