බන්ධනාගාරගත රැඳවියන් අධිකරණ වෙත රැගෙනයාම තාවකාලිකව අත්හිටුවයි

බන්ධනාගාරගත රැඳවියන් අධිකරණ වෙත රැගෙනයාම තාවකාලිකව අත්හිටුවයි

බන්ධනාගාරගත රැඳවියන් අධිකරණ වෙත රැගෙනයාම තාවකාලිකව අත්හිටුවයි

කර්තෘ Staff writer

14 Jul, 2020 | 7:25 am

COLOMBO (News 1st) – බන්ධනාගාරගත රැඳවියන් අධිකරණ ක්‍රියමාර්ග සඳහා අධිකරණ වෙත රැගෙනයාම තාවකාලිකව අත්හිටුවා තිබේ.

ඒ, රට තුළ පවතින කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙනි.

බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා පැවසුවේ, ඒ, ඒ අධිකරණ විසින් කළ දැනුම් දීම අනුව එම පියවර ගත් බවය.

ඒ අනුව සිදුවන අධිකරණ කටයුතු වීඩියෝ තාක්ෂණය මගින් සිදුවන බව ද ඔහු පැවසුවේ ය.

කොමසාරි ජනරාල්වරයා සඳහන් කළේ, දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින රැඳවියන්ගේ දින දීර්ඝ කිරීම ආදිය එලෙස සිදුවන බවය.

මේ අතර නැවත දැනුම්දෙන තුරු රැඳවියන් බන්ධනාගාර අතර හුවමාරු කිරීම ද අත්හිටුවා ඇතැයි තුෂාර උපුල්දෙණිය මහතා පැවසීය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]