පැය 24ක් තුළ ලෝකයේ කොරෝනා ආසාදිතයින් 230,370ක්

ලොව පුරා COVID-19 ආසාදිතයින් සංඛ්‍යාව මිලියන 13 ඉක්මවයි

by Staff writer 13-07-2020 | 8:51 AM

COLOMBO (News 1st) : ගතවූ පැය 24 තුළ ලොව වැඩිම COVID-19 අසාදිතයින් පිරිසක් වාර්තා වූ බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

ඒ අනුව ලොව පුරා ගතවූ පැය 24 තුළ වාර්තා වන COVID-19 ආසාදිතයින් සංඛ්‍යාව 230,370 කි. ලොව පුරා දෛනිකව වැඩිම ආසාදිතයින් පිරිසක් වාර්තාවන්නේ අමෙරිකාව, බ්‍රසීලය, ඉන්දියාව සහ දකුණු අප්‍රිකාවෙන් ය. පසුගිය ජුලි 10 වැනිදා ද ලොව පුරා COVID-19 ආසාදිතයින් 228,102 ක් වාර්තා විය. ලොව පුරා වාර්තා වන COVID-19 ආසාදිතයින් සංඛ්‍යාව මිලියන 13 ඉක්මවා ගොස් තිබේ. ඒ අනුව වාර්තා වන සමස්ත COVID-19 ආසාදිතයින් සංඛ්‍යාව 13,022,994 කි. මේ වන විට COVID-19 වෛරසය ආසාදනයවීමෙන් පුද්ගලයින් 571,000 ක් මියගොස් තිබේ. මේ අතර දිනක් තුළ ප්‍රාන්තයකින් වාර්තා වන වැඩිම COVID-19 ආසාදිතයින් සංඛ්‍යාව අමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයෙන් වාර්තා විය. ඒ COVID-19 ආසාදිතයින් 15,299 ක් ලෙසයි. ෆ්ලොරිඩා ප්‍රාන්තයෙන් පමණක් මේ වනවිට COVID-19 ආසාදිතයින් 269,000 ක් වාර්තා වේ.