රටවල් 75ක සිටි ලාංකිකයින් දිවයිනට පැමිණ අවසන්

පිට රටවල සිටි 15,000කට අධික ලාංකිකයින් පිරිසක් දිවයිනට රැගෙන විත් අවසන්

by Staff writer 13-07-2020 | 11:36 AM

COLOMBO (News 1st) : කොරෝනා ව්‍යාප්තියත් සමග විදේශයන්හි සිරවී සිටි 15,750 ක පමණ ශ්‍රී ලාංකිකයින් පිරිසක් දිවයිනට රැගෙන විත් අවසන් කර ඇතැයි විදේශ සබඳතා පිළිබඳ ජනාධිපති අතිරේක ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා පවසයි.

ඔහු පැවසුවේ රටවල් 75 ක රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් ඒ අතර වන බවයි. හෙට සිට දින කිහිපයකට විදෙස්ගතව සිටින ශ්‍රී ලාංකිකයින් දිවයිනට ගෙන්වා ගැනීම තාවකාලිකව අත්හිටුවා ඇතැයි ද ඔහු පැවසුවේ ය.