කේරල ගංජා වැටලීමක්

ප්‍රදේශ දෙකකදී කේරල ගංජා කිලෝග්‍රෑම් 128 ක් සමග සැකකරුවන් 4 දෙනෙකු කොටු

by Staff writer 13-07-2020 | 11:05 AM

COLOMBO (News 1st) : දිවයිනේ ප්‍රදේශ දෙකකදී කේරල ගංජා කිලෝග්‍රෑම් 128 ක් සමග සැකකරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ වඩුක්කෝට්ටේ, වරතොලේ ප්‍රදේශයේදී කේරල ගංජා කිලෝග්‍රෑම් 124 යි ග්‍රෑම් 750 ක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි. කොච්චිකඩේ, තෝප්පුව පාලම අසළදී කේරල ගංජා කිලෝග්‍රෑම් 4 යි ග්‍රෑම් 130 ක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ලිහිනියාගම ප්‍රදේශයේ පදිංචි 27 හා 38 හැවිරිදි පුද්ගලයින් දෙදෙනෙකු එලෙස අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය සඳහන් කළේ ය.