ජනපති කොමිසමේ විමර්ශන කණ්ඩායමක් සායින්දමරුදුවලට

පස් දෙනෙකුගෙන් යුත් විමර්ශන කණ්ඩායමක් සායින්දමරුදු බෝම්බය පුපුරවාගත් ස්ථානයට

by Staff writer 13-07-2020 | 9:29 PM

COLOMBO (News 1st) - අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිෂන් සභාවේ විමර්ශන කණ්ඩායමක් සායින්දමරුදු ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

කොමිසමේ ලේකම් එච්.එම්.බී.පී හේරත් මහතා පැවසුවේ, සටහන් කරගත් සාක්ෂිවලට අදාළ කරුණු තහවුරු කර ගැනීමේ අරමුණින් මෙම නීරීක්ෂණය සිදු කළ බවයි. පස්දෙනෙකුගෙන් යුත් විමර්ශන කණ්ඩායමක් ත්‍රස්තවාදී ක්‍රියා සිදු වූ ස්ථාන නිරීක්ෂණය කිරීමට සහභාගී වූ බව ද ඔහු සඳහන් කළේ ය. අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ පුද්ගලයින් දහසකට අධික පිරිසක් මේ වනවිට ප්‍රකාශ ලබාදී තිබේ. කොමිසමේ ලේකම්වරයා පැවසුවේ, පුද්ගලයින් 210 දෙනෙකුගෙන් සාක්ෂි සටහන් කරගෙන ඇති බවය. https://www.facebook.com/NewsfirstSL/videos/317528299422675/