නිරෝධායනය වන අයටත් ඡන්දය දාන්න අවස්ථාව

නිරෝධායනය වන පුද්ගලයින්ටත් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා වැඩපිළිවෙළක්

by Staff writer 13-07-2020 | 10:56 AM

COLOMBO (News 1st) : නිරෝධායන මධ්‍යස්ථානවල නිරෝධායනය වන පුද්ගලයින්ට ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා වැඩපිළිවෙළක් සකසන බව ජාතික මැතිවරණ කොමිසන් සභාව පවසයි.

එහි සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසුවේ ස්වයං නිරෝධායනය වන පුද්ගලයින් සවස 4 සිට 5 දක්වා ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව ලබා දෙන බවයි. 2020 මහ මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීම අද ආරම්භ විය. ජාතික මැතිවරණ කොමිසන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසුවේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවල මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් සහ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන්ට හා සෙසු සේවකයින්ට අද දිනයේ තැපැල් ඡන්ද සලකුණු කිරීමට අවස්ථාව හිමිවන බවයි. කෙසේ වෙතත් පවතින කොරෝනා තත්ත්වය සැලකිල්ලට ගනිමින් රාජාංගනය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පමණක් තැපැල් ඡන්ද විමසීම කල් දැමීමට තීරණය කර ඇතැයි ජාතික මැතිවරණ කොමිසන් සභාව සඳහන් කළේ ය. මේ අතර නිලධාරින්ද PCR පරීක්ෂණයට ලක් කරන්නැයි ඉල්ලා සිටීමට අපේක්ෂා කරන බව මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේ ය.