නිරෝධායනය අවසන් කළ 315ක් අද නිවෙස් වෙත

නිරෝධායනය අවසන් කළ 315 දෙනෙකු අද නිවෙස් වෙත

by Staff writer 13-07-2020 | 10:39 AM

COLOMBO (News 1st) : දිවයිනේ ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථාන 04 ක පුද්ගලයින් 315 දෙනෙකු නිරෝධායනය අවසන් කර අද නිවෙස් වෙත පිටත්ව යන බව යුද හමුදාව පවසයි.

හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ මහතා පැවසුවේ අද වනවිට නිරෝධායනය අවසන් කළ පුද්ගලයින් 21,683 දෙනෙකු නිවෙස් වෙත පිටත්ව ගොස් ඇති බවයි. මධ්‍යස්ථාන 54 ක් තුළ පුද්ගලයින් 7105 දෙනෙකු තවදුරටත් නිරෝධායනය වෙමින් සිටින බව ද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.