නව කොරෝනා ආසාදිතයින්ගේ තොරතුරු මෙන්න...

නව කොරෝනා ආසාදිතයින්ගේ තොරතුරු මෙන්න...

by Hashini De Mel 13-07-2020 | 10:40 PM

COLOMBO (News 1st) - අද දින (13) මේ වනවිට වාර්තා වන කොරෝනා ආසාදිත රෝගීන් ගණන 29 ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

එම කොරෝනා ආසාදිතයින් වාර්තා වූයේ මේ අයුරිනි, මාලදිවයිනේ සිට පැමිණි 2යි - නිරෝධායනට ලක් වෙමින් සිටින රාජාංගන ප්‍රදේශයේ පදිංචි 2ක් - කළින් හඳුනාගත් ආසාදිතයකුගේ ආශ්‍රිතයන් සේනපුර පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන් 11 ක් කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානය තුළම රැඳවියන්ගේ ආශ්‍රිතයන් 14 කි. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 2,646 දක්වා ඉහළ ගොස් තිබේ.