"මැතිවරණය කල් දැමීමේ අවශ්‍යතාවක් නැහැ"

ඡන්දය කල් දාන්න අවශ්‍ය නැහැ: ආරක්ෂිතම ස්ථානය ඡන්ද මධ්‍යස්ථානය - මැතිවරණ කොමිසමේ සභාපති

by Staff writer 13-07-2020 | 7:23 PM

COLOMBO (News 1st) - අද මන්නාරමේදී රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ අවස්ථාවකට සහභාගී වූ මැතිවරණ කොමිසමේ සභාපතිවරයා යළි ත් අවධාරණය කළේ මැතිවරණය කල් දැමීමේ අවශ්‍යතාවක් නොමැති බවයි.

ජාතික මැතිවරණ කොමිෂන් සභා‍වේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා, කොරෝනා ගැන තියන බය, ලංකාවේ ඕනැම පොදු තැනක් එක්ක තිබ්බම හොඳටම අඩුයි ඡන්ද පොළකදී. ඡන්දපොළ හොඳටම ආරක්ෂිතයි, සේෆස්ට් ප්ලේස්. මැතිවරණය දැන්ට කල් දාන්න කිසිම අදහසක් කොමිෂන් සභාවේ නැහැ. මේ තත්ත්වය යටතේ ඡන්දය විමසීම කරන්න පුළුවන්. ඒක තියන්න නම් රටේ ජනතාව ආරක්ෂිතව ඉන්න ඕනේ. ප්‍රවේසමෙන් කටයුතු කරන ලෙස අපි සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා. ඡන්දය පවත්වන්න පුළුවන් වෙන්නේ රටේ හැමතැනම මේක වළක්වගත්තොත් පමණයි.
මැතිවරණය පිළිබඳව පොලිස් නිලධාරීන් දැනුවත් කිරීමේ හමුවක් ද අද පස්වරුවේ වවුනියාවේදී පැවැත්වුණේ මහින්ද දේශප්‍රිය මහතාගේ ප්‍රධානත්වයෙනි. මෙම අවස්ථාවට නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ද සහභාගී විය. ප්‍රශ්නය,
පවතින සෞඛ්‍ය අවදානම් තත්ත්වයත් එක්ක ඉදිරියේදී මැතිවරණය පවත්වන්න පුළුවන් වෙයි ද?
ජාතික මැතිවරණ කොමිෂන් සභා‍වේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා,
ඇයි බැරි කවුද බැහැ කියන්නේ. දැනට එහෙම තත්ත්වයක් ඇති වෙලා නැහැ. රාජාංගනයේ මේ වසංගත හේතුවකට කල් දාලා නෙවෙයි. මොකද එහේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන්ව නිරෝධායනය කරලා. එතකොට ඒ අය කොහොමද ඡන්දේ දාන්නේ. අපි 14 බලලා තවදුරටත් නිරෝධායනය කරන්න කියලා කිවුවොත් නිරෝධායන කඳවුරුවලට ගිහිල්ලා හරි ඡන්දේ තියනවා. ඡන්ද විමසීම ප්‍රමාද කරනවා කියලා කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රමාද කරනවා කියන එක.
https://www.facebook.com/NewsfirstSL/videos/2651973061692354/