ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

by Staff writer 13-07-2020 | 7:00 AM
1. රජයේ පාසල් හා පිරිවෙන් හෙට සිට ලබන 17 වැනිදා දක්වා වැසේ : සියලුම රජයේ පාසල් හා පිරිවෙන්වලට අද (13) සිට ලබන 17 වැනිදා දක්වා අමතර නිවාඩු ලබාදෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දෙයි. 2. රාජාංගනය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ තැපැල් ඡන්ද විමසීම කල් යයි : පවතින කොරෝනා තත්ත්වය හේතුවෙන් රාජාංගනය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පමණක් තැපැල් ඡන්ද විමසීම කල් දමා ඇතැයි ජාතික මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි. 3. ගුවන්තොටුපොළ විවෘත කිරීම කල් යයි – ඇමති ප්‍රසන්න රණතුංග : ගුවන්තොටුපොළ විවෘත කිරීමේ දිනය ප්‍රමාද කිරීමටත්, විදෙස්ගත ශ්‍රමිකයින් මෙරටට ගෙන්වීම තාවකාලිකව අත්හිටුවීමට රජය තීරණ්‍ය කර ඇති බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි. 4. මැතිවරණයේ සෞඛ්‍ය නිර්දේශ කඩිනමින් ගැසට් කළ යුතුයි – කැෆේ සංවිධානය : මහ මැතිවරණයට අදාළ සෞඛ්‍ය නිර්දේශ ප්‍රමාදයකින් තොරව ගැසට් කළ යුතු බව කැෆේ සංවිධානය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 5. සියලු කතෝලික පෞද්ගලික පාසල් ද අද සිට වැසේ : රජයේ තීරණයට අනුව සියලු කතෝලික පෞද්ගලික පාසල් ද අද (13) සිට ලබන 17 වැනිදා දක්වා වසා තබන බව ශ්‍රී ලංකාවේ පුද්ගලික කතෝලික පාසල්හි සාමාන්‍ය අධිකාරී ගරු අයිවන් පෙරේරා පියතුමා පවසයි. 6. රජය නිවාඩු ලබා දෙන බවට පැතිර යන කතාව බොරුවක් – රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව: නිවාඩු දෙන බවට පැතිර යන කටකතා පදනම් විරහිත අසත්‍යයක් බව රජය පවසයි.