ගාලු පාරට මුහුදු වතුර

ගාලු පාරට මුහුදු වතුර

by Staff writer 13-07-2020 | 9:28 PM

COLOMBO (News 1st) - ගාල්ල දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයකින් මුහුදු රළ ගොඩ ගලා තිබේ.

ප්‍රදේශවාසීන් පැවසුවේ දින කිහිපයක සිට ගාල්ල මුහුදු තීරය රළු ස්භාවයක් ගෙන ඇති බවයි. ගාල්ල - කොළඹ ප්‍රධාන මාර්ගය ආසන්නයේ කහව සහ තොටගමුව ආශ්‍රිත ප්‍රදේශවලදී අද පස්වරුව වන විටත් මුහුදු රළ ගොඩබිමට පැමිණෙමින් තිබුණි. මේ අතර දින 3 ක පමණ කාලයක සිට ගාල්ල, කොග්ගල ප්‍රදේශය ආශ්‍රිතව මුහුද රළු ස්වාභාවයක් ගෙන තිබේ. අප වාර්තාකරු පැවසුවේ, ප්‍රධාන මාර්ගයේ කොග්ගල ප්‍රදේශයට මුහුදු රළ සමග වැලි ගසාගෙන විත් ඇති බවය. මාර්ගයේ වාහන ධාවනයට ද බාධා සිදු ව තිබුණි. මේ අතර වැලිගම, කප්පරතොට වරායෙන් ඊයේ පස්වරුවේ මුහුදු ගිය එක්දින යාත්‍රාවක් අද අලුයම යළි ගොඩබිමට පැමිණෙමින් සිටියදී අනතුරට ලක්ව තිබේ. අප වාර්තාකරු පැවසුවේ, අදාළ ධීවර යාත්‍රාව වරායට මීටර් 500 ක් පමණ ඈතින් අනතුරට ලක්ව ඇති බවයි.