වැලිකඩ රැඳවියා: 492 දෙනෙකුට කොරෝනා

කොරෝනා ආසාදිත වැලිකඩ රැඳවියාගේ සිද්ධියට අදාළව 492 කට කොරෝනා - යුද හමුදාපති

by Staff writer 13-07-2020 | 6:44 PM

COLOMBO (News 1st) - වැලිකඩ රැඳවියා සොයාගත් පසු එම සිද්ධියට අදාළව 492 දෙනෙකු කොරෝනා ආසාදිතව හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඉන් 429 දෙනෙකු පුනරුත්ථාපනය වෙමින් සිටි අය වන අතර 47 දෙනෙකු කාර්ය මණ්ඩල සාමාජිකයින් ය. යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ, සෙසු 16 දෙනා ඔවුන් සමග සබඳතා පැවැත්වූ අය බවය.