ඊයේ හඳුනාගත් ආසාදිතයින් අතර රාජාංගනයේ 6 දෙනෙකුත්

ඊයේ හඳුනාගත් ආසාදිතයින් අතර රාජාංගනයේ 6 දෙනෙකුත්

by Staff writer 13-07-2020 | 9:27 AM

COLOMBO (News 1st) : මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2617 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඊයේ දිනයේ හඳුනාගත් ආසාදිතයින් ගණන 106කි. රාජාංගනයේ පදිංචි පුද්ගලයින් 6 දෙනෙකු ද ඒ අතර වේ. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේ, කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සිට සේනපුර මධ්‍යස්ථානයට මාරු කළ රැඳවියන් 76 දෙනෙකු ඊයේ කොරෝනා ආසාදිතයින් ලෙස හඳුනාගත් බවයි. සමාජය තුළ කොරෝනා ව්‍යාප්තිය වැළැක්වීමට අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග මේ වනවිට ගෙන ඇතැයි හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ ය. මේ වනවිට ආසාදිතයින් 625 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර එක් කොරෝනා ආසාදිතයෙකු ඊයේ සුවය ලැබුවේ ය. ඒ අනුව, සුවය ලැබූ සමස්ත ආසාදිතයින් ගණන 1981 කි. ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් මහේන්ද්‍ර බාලසූරිය මහතා ජනතාව දැනුම් දෙන්නේ, කොරෝනා ව්‍යාප්තිය පාලනය සඳහා සෞඛ්‍ය පුරුදු අනුගමනය කරන ලෙසයි.