අංගොඩ ලොක්කාගේ ගෝලයින් දෙදෙනෙක් මාට්ටු

අංගොඩ ලොක්කාගේ ගෝලයින් දෙදෙනෙකු හෙරොයින් සමග මාට්ටු

by Staff writer 13-07-2020 | 11:42 AM

COLOMBO (News 1st) : සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන අංගොඩ ලොක්කාගේ සමීපතමයින් දෙදෙනෙකු මුල්ලේරියාවේදී හෙරොයින් සමග අත්අඩංගුවට ගෙන තිබේ.

අද උදෑසන ඔවුන් අත්අඩංගුවට ගැණුනේ, මිරිහාන, බස්නාහිර, දකුණ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කළ වැටලීමකදීය. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, ගයාන් දර්ශන නොහොත් 'ගයියා' සහ නදීෂ සේපාල දහනායක නැමැති අයෙකි. එක් සැකකරුවෙක් 2019 වසරේදී හංවැල්ල ප්‍රදේශයේ පස් ව්‍යාපාරිකයෙකු වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටිනු ඇත. අනෙක් සැකකරු ද 2018 වසරේදී අත්බෝම්බයක්, ටී 56 උණ්ඩ, ගෑස් මුහුණු ආවරණයක් හා කේරල ගංජා කිලෝග්‍රෑම් 2 ක් සමග අත්අඩංගුවට ගෙන තිබුණි. ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රඳවා තබා ප්‍රශ්න කිරීමට පියවර ගෙන ඇතැයි පොලීසිය පැවසීය.