ලොව පුරා COVID-19 ආසාදිතයින් සංඛ්‍යාව මිලියන 13 ඉක්මවයි

ලොව පුරා COVID-19 ආසාදිතයින් සංඛ්‍යාව මිලියන 13 ඉක්මවයි

ලොව පුරා COVID-19 ආසාදිතයින් සංඛ්‍යාව මිලියන 13 ඉක්මවයි

කර්තෘ Staff writer

13 Jul, 2020 | 8:51 am

COLOMBO (News 1st) : ගතවූ පැය 24 තුළ ලොව වැඩිම COVID-19 අසාදිතයින් පිරිසක් වාර්තා වූ බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

ඒ අනුව ලොව පුරා ගතවූ පැය 24 තුළ වාර්තා වන COVID-19 ආසාදිතයින් සංඛ්‍යාව 230,370 කි.

ලොව පුරා දෛනිකව වැඩිම ආසාදිතයින් පිරිසක් වාර්තාවන්නේ අමෙරිකාව, බ්‍රසීලය, ඉන්දියාව සහ දකුණු අප්‍රිකාවෙන් ය.

පසුගිය ජුලි 10 වැනිදා ද ලොව පුරා COVID-19 ආසාදිතයින් 228,102 ක් වාර්තා විය.

ලොව පුරා වාර්තා වන COVID-19 ආසාදිතයින් සංඛ්‍යාව මිලියන 13 ඉක්මවා ගොස් තිබේ.

ඒ අනුව වාර්තා වන සමස්ත COVID-19 ආසාදිතයින් සංඛ්‍යාව 13,022,994 කි.

මේ වන විට COVID-19 වෛරසය ආසාදනයවීමෙන් පුද්ගලයින් 571,000 ක් මියගොස් තිබේ.

මේ අතර දිනක් තුළ ප්‍රාන්තයකින් වාර්තා වන වැඩිම COVID-19 ආසාදිතයින් සංඛ්‍යාව අමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයෙන් වාර්තා විය.

ඒ COVID-19 ආසාදිතයින් 15,299 ක් ලෙසයි.

ෆ්ලොරිඩා ප්‍රාන්තයෙන් පමණක් මේ වනවිට COVID-19 ආසාදිතයින් 269,000 ක් වාර්තා වේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]