by Staff writer 13-07-2020 | 4:23 PM
COLOMBO (News 1st) - කොරෝනා වසංගතය හේතුවෙන් සියලු පෞද්ගලික හා ලංගම බස් රථ තුළ සිදු කෙරෙන විවිධ ද්‍රව්‍ය අලෙවි කිරීම වහාම නැවැත්වීමට පියවර ගන්නැයි ප්‍රවාහන අමාත්‍ය මහින්ද අමරවීර මහතා ලංකා ගමනාගමන මණ්ඩලයට උපදෙස් ලබාදී තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යාංශය සඳහන් කළේ, ඇතැම් ජංගම වෙළෙඳුන් විසින් සෞඛ්‍ය ආරක්ෂණ පිළිවෙත් අනුගමනය නොකරමින් කටයුතු කරන බවට මහජනතාව විසින් ප්‍රවාහන අමාත්‍යාංශයට පැමිණිලි කර ඇති බවය.
දුම්රිය දෙපාර්තමේන්තුව විසින් පසුගිය මාර්තු මාසයේ සිට දුම්රියට ජංගම අලෙවිකරුවන් ඇතුළුවීම වළක්වා තිබේ.
ඇතැම් ජංගම වෙළෙඳුන් විසින් බස් රථ තුළ වතුර බෝතල් හා පළතුරු වර්ග අලෙවි කිරීම සිදු කරන බව ප්‍රවාහන අමාත්‍යාංශය පවසයි.
අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ, දිනපතා ඔවුන් බස් රථවලට ගොඩ වී සිදු කරන මෙම අලෙවි කිරීම් හේතුවෙන් කොරෝනා වසංගතය ව්‍යාප්තවීමට ඉඩකඩ ඉහළ බව පෙනී ගොස් ඇති බවය.
ඒ හේතුවෙන් ජංගම වෙළෙඳ කටයුතු නැවැත්වීමට පියවර ගන්නා ලෙස අමාත්‍ය මහින්ද අමරවීර මහතා උපදෙස් ලබාදී තිබේ.
ඒ සඳහා නිලධාරීන්ට අමතරව ආරක්ෂක අංශවල සහය ලබා ගන්නා ලෙසට ද නිලධාරීන්ට අමාත්‍යවරයා උපදෙස් ලබා දුන්නේ ය.