කොරෝනා මඩින තාක්ෂණික කමිටුව මාස එකහමාරකින් රැස්වෙලා නැහැ – වෛද්‍ය හරිත අලුත්ගේ

කොරෝනා මඩින තාක්ෂණික කමිටුව මාස එකහමාරකින් රැස්වෙලා නැහැ – වෛද්‍ය හරිත අලුත්ගේ

කොරෝනා මඩින තාක්ෂණික කමිටුව මාස එකහමාරකින් රැස්වෙලා නැහැ – වෛද්‍ය හරිත අලුත්ගේ

කර්තෘ Staff writer

13 Jul, 2020 | 7:32 pm

COLOMBO (News 1st) – තාක්ෂණික කමිටුව මාස එකහමාරක පමණ කාලයක් රැස්නොවීම උද්ගතව ඇති තත්ත්වයට තව ත් හේතුවක් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා,

බරපතළම ප්‍රශ්නේ තමයි මේ දෙවැනි රැල්ලක් වළක්වා ගැනීම සම්බන්ධයෙන් අපි දිගටම කතා කළා විශේෂයෙන් දෙවැනි රැල්ලක් මතුවිය හැකි තැන් සම්බන්ධයෙන් අපි කිව්වා පාසල් ආරම්භ කිරීමත් එක්ක තියන අවදානම ගැන අපි කිව්වා ගුවන්තොටුපොළ විවෘත කිරීමේදී තියන අවදානම ගැන අපි කිව්වා මැතිවරණ වේදිකාවේ ඡන්ද රැස්වීමේ තියන අවදානම ගැන කිව්වා නමුත් අපිට මේ සම්බන්ධයෙන් කතා කරන්න මේ තාක්ෂණික තීන්දු තීරණ ගන්න තිබිය යුතු තාක්ෂණික කමිටුව මාස එකහාමරක් යනකම් රැස්වුනේ නැහැ අවසානයේ අපට ලිඛිතව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට දැනුම් දෙන්න සිද්ධ වුණා වහාම මේක කැඳවන්න බලාගෙන ඉන්න එපා කියලා 6 වෙනිදා ඒක යැව්වේ එත් එක්ම තමයි මේ සිද්ධිය වාර්තාවෙන්න ගත්තේ එතකොට අපි ඒ දැනුම්දීමත් එක්ක පහුගිය සෙනසුරාදා ඒ එක්ක තමයි මේ සිද්ධිය වාර්තා වෙන්න ගත්තේ අපි දැනුම්දීමත් එක්ක පහුගිය සෙනසුරාදා කමිටුව කැඳවලා තියනවා එතකොට ඒ කමිටුව ක්‍රියාත්මක නොවීමේ අඩුපාඩුවත් අපි දකිනවා.

උද්ගතවී ඇති තත්ත්වය පාලනය කිරීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ගය ගැන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මතය මෙයයි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා,

අප්‍රේල් මාසේ මැයි මාසේ කතා කරපු තත්ත්වයට වඩා සම්පුර්ණයෙන් වෙනස් එතකොට අපි සංචරණ සීමාත් එක්ක තමයි රෝගීන් සොයාගත්තේ නමුත් දැන් සංචරණ සීමාවකින් තොරව තමයි අපිට රෝග ස්පර්ශකයින් සොයාගන්න වෙලා තියෙන්නේ රෝගය ව්‍යාප්තවීම ලොකු අවදානමකට ලක්වෙලා තියනවා අපි කන්ටැක් රේසින් එහෙම නැත්තම් මේ ස්පර්ශකයින් ටික හරියට හොයාගත්තේ නැත්තම් හුදකලා කරලා සංචරණ සීමා පැනවීම අත්‍යවශ්‍ය වෙනවා ගමක් හුදකලා කරලා ප්‍රශ්නේ බේරගන්නවද ඒක තව එහාට යන්න ගිහිල්ලා මුළු දිස්ත්‍රික්කයම බලපාන විදිහට මේක යන්න දෙනවද ඊට පස්සේ පළාතට බලපාන විදිහට යන්න දෙනවද කියන තීරණයට තමයි අපි එන්න වෙලා තියෙන්නේ.

කොරෝනා මඩින තාක්ෂණික කමිටුව මාස එකහමාරකින් රැස්වෙලා නැහැ – වෛද්‍ය හරිත අලුත්ගේ

🔺කොරෝනා මඩින තාක්ෂණික කමිටුව මාස එකහමාරකින් රැස්වෙලා නැහැ – වෛද්‍ය හරිත අලුත්ගේ 📌 Read More: https://bit.ly/2BWNA9l#lka #News1st #EW #Covid19 #GMOA #HarithaAluthge

Posted by Newsfirst.lk on Monday, July 13, 2020

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]