සිරගෙවල් හතක ගියත් මගේ අරගලය ගෙනියනවා

සිරගෙවල් හතක ගියත් මගේ අරගලය ගෙනියනවා - පාඨලී චම්පික

by Staff writer 12-07-2020 | 9:56 PM

COLOMBO (News 1st) : හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අද අස්ගිරි සහ මල්වතු පාර්ශවයේ මහ නාහිමිවරුන් බැහැ දැක ආශිර්වාද ලබා ගැනීම සඳහා පැමිණියේ ය.

මුලින්ම අස්ගිරි පාර්ශවයේ මහ නායක අති පූජ්‍ය වරකාගොඩ ඥානරතන හිමියන් බැහැ දැක ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව රණවක මහතා මල්වතු පාර්ශයේ මහ නායක අති පූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහනාහිමින් බැහැ දුටුවේ ය. මල්වතු පාර්ශවයේ අනුනායක දිඹුල්කුඹුරේ ශ්‍රී විමලධම්ම හිමියන් බැහැ දැක ආශිර්වාද ලබාගත්තේ ඉන් අනතුරුවයි. මාධ්‍යවේදී ප්‍රශ්නය -
ඔබතුමාට එරෙහිව නඩු කිහිපයක් තියෙනවා කියලා මාධ්‍යයෙන් කියනවා.
පිළිතුර -
සමගි ජන බලවේගයේ අපේක්ෂක පාඨලී චම්පික රණවක මහතා "මම බොහෝම පැහැදිලිව කියනවා මම නෙවෙයි තාජුදීන් මැරුවේ .ඒ වගේම ලසන්ත වික්‍රමතුංගට මහ පාරේ උල්වලින් ඇනලා ඝාතනය කරපු කෙනෙක් නෙවෙයි මම. ඒ වගේම මිනීමරු කොටි සංවිධානයට රාඩා එක හරහා දස ලක්ෂ 800 ක් දීලා අපේ ජනතාව මරවන්න කටයුතු කරපු මිනිහෙක් නෙවෙයි. ඒ වගේම මිග් ගනුදෙනුව හරහා ගුවන් හමුදාවෙන් සල්ලි මංකොල්ල කාපු කෙනෙක් නෙවෙයි මං . ඒ වගේම නාවික හමුදාවට අයිති ව්‍යාපාරක් පෞද්ගලික ආයතනකට ලබාදීලා කෝටි 1000 ක් අහිමි කරලා පුද්ගලිකව අමෙරිකාවේ ගෙවල් ගන්න වැයකරපු දුෂිතයෙක් නෙවෙයි මම. ඒ වගේම ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයිති කොළඹ තිබුණ ඉඩම විකුණලා තංගල්ලේ හෝටල් අරගෙන ජාවාරම් කරපු කෙනෙක් නෙවෙයි මම . මේ රටේ සියලුම රාජ්‍ය ආයතනය ලාබ උපයන තැන්වලට පත්කරලා දුෂණයෙන් තොරව කරපු කෙනෙක් මම ඒක නිසා මගේ හෘද සාක්ෂිය නිදහස් . අපි ඒ ඕන අභියෝගයකට මුහුණ දෙනවා. ඔය හැම අභියෝගයකට මුහුණ දෙන්න සුදානම් . මගේ පවුලකින් නැගිටපු කෙනෙක් නෙවෙයි මම පවුල් වාදයෙන් ගජ මිතුරුවාදයෙන් වංශක්කාර මංකොල්ලකාරයන්ට එරෙහිව මගේ අරගලය ඉදිරියට ගෙනියනවා සිරගෙවල් හතක ගියත්"
https://www.facebook.com/NewsfirstSL/videos/912323692579206/