සියලු කතෝලික පෞද්ගලික පාසල් ද හෙට සිට වැසේ

සියලු කතෝලික පෞද්ගලික පාසල් ද හෙට සිට වැසේ

by Staff writer 12-07-2020 | 9:49 PM

COLOMBO (News 1st) :  රජයේ තීරණයට අනුව සියලු කතෝලික පෞද්ගලික පාසල් ද හෙට(13) සිට ලබන 17 වැනිදා දක්වා වසා තබන බව ශ්‍රී ලංකාවේ පුද්ගලික කතෝලික පාසල්හි සාමාන්‍ය අධිකාරී ගරු අයිවන් පෙරේරා පියතුමා පවසයි.

පවතින කොරෝනා තත්ත්වය හමුවේ රජයේ පාසල් හෙට(13) සිට ලබන 17 වැනිදා දක්වා වසා තැබීමට අධ්‍යාපන අමාත්‍යාංශය අද සවස තීරණය කළේය.