මැතිවරණයේ සෞඛ්‍ය නිර්දේශ කඩිනමින් ගැසට් කළ යුතුයි

මැතිවරණයේ සෞඛ්‍ය නිර්දේශ කඩිනමින් ගැසට් කළ යුතුයි - කැෆේ සංවිධානය

by Staff writer 12-07-2020 | 10:00 PM

COLOMBO (News 1st) : මහ මැතිවරණයට අදාළ සෞඛ්‍ය නිර්දේශ ප්‍රමාදයකින් තොරව ගැසට් කළ යුතු බව කැෆේ සංවිධානය අද මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

සෞඛ්‍ය නිර්දේශ නිකුත් කිරීම පමණක් ප්‍රමාණවත් නොවන අතර ඒවා ක්‍රියාත්මක කිරීමට නිර්දේශ ගැසට් කිරීම අත්‍යාවශ්‍ය බවත් සෞඛ්‍ය අංශ හා දේශපාලන අධිකාරිය ද මෙම නිර්දේශ ක්‍රියාත්මක කිරීමට එකඟව සිටියත් අදාළ නිර්දේශ ක්‍රියාත්මක තත්ත්වයේ නොපවතින බව ද කැෆේ සංවිධානය පෙන්වා දෙයි. මැතිවරණ කටයුතු සඳහා ගෙයින් ගෙට යාමේදී හා ජනහමු පැවැත්වීම ආදී කටයුතුවලදී බොහෝ දේශපාලනඥයින් සෞඛ්‍ය නිර්දේශ නොසළකා හරිමින් කටයුතු කරන ආකාරය දක්නට ලැබෙන බව ද කැෆේ සංවිධානය පවසයි.