මද්දකට හසුවූ කොටියෙක්

මද්දකට හසුවූ කොටියෙක්

by Staff writer 12-07-2020 | 9:30 PM

COLOMBO (News 1st) : කඳුකරේ බොහෝ අය වන සතුන් දඩයම් කරන්න අටවන මදුවලට ගොඩක් වෙලාවට අහුවෙන්නේ කඳුකර කොටින්.

අවස්ථා කිහිපයකදීම එහෙම මදුවලට අහුවුණු කොටි ජීවිතයෙන් වන්දි ගෙව්වා. දිවි බේරගත්තු කොටියෙක් ගැන අද වාර්තා වුණේ ගිනිගත්හේනෙ වතුයායකින්. මේ කඳුකර කොටියා මද්දට අහුවෙලා තිබුණේ ගිනිගත්හේන කෙනිල්වර්ත් වතුයායේ වතු නිවාස පේළියකට උඩින්. වත්තේ මිනිස්සු මේ ගැන වනජීවී නිලධාරීන්ට කියලා තිබුණා. වහාම ක්‍රියාත්මක වුණු නල්ලතන්නියේ වනජීවී නිලධාරී මහත්වරු එතනට ආවා. ? මද්ද අහුවෙලා හිටියේ වයස අවුරුදු 6ක විතර ගැහැණු සතෙක්. ? දිග අඩි 6 ක් විතර වෙනවා. ටික වේලාවකට පස්සේ මධ්‍යම පළාත් වනජීවි පශු වෛද්‍ය අකලංක පිනිදෙණිය මහත්තයා එතනට ඇවිත් කොටියා නිර්වින්දනය කළා. මද්දෙන් මුදා ගත්තු කොටියා වැඩිදුර ප්‍රතිකාර දෙන්න අරන් ගියේ නල්ලතන්නිය වනජිවි කාර්යාලයට. වනජීවී නිලධාරීන්ගේ සහයට හමුදා නිලධාරීනුත් ඇවිත් හිටියා. මද්ද ඇටෙව්වා කියලා සැක කෙරෙන කෙනිල්වර්ත් වතුයායෙම සේවය කළ කෙනෙක් අත්අඩංගුවට ගත්තා. එම පුද්ගලයා හැටන් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය.