පොහොට්ටුවේ ප්‍රධාන ප්‍රචාරක රැළි දින 3කට නවත්වයි

පොදුජන පෙරමුණේ ප්‍රධාන ප්‍රචාරක රැළි දින 3 කට නවත්වයි

by Staff writer 12-07-2020 | 11:16 AM

COLOMBO (News 1st) - ඉදිරි දින තුනේදී (ජූලි 13,14,15) පැවැත්වීමට නියමිතව තිබූ සියලු මැතිවරණ ප්‍රචාරක රැළි තාවකාලිකව අත්හිටුවීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කර තිබේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා සඳහන් කළේ, සියලු ප්‍රචාරක රැළි හෙට සිට දින තුනක කාලයකට (ජූලි 13,14,15) අත්හිටුවන්නැයි පක්ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා උපදෙස් දුන් බවය. ඒ අනුව හෙට, අනින්දා සහ ඊට පසුදින (ජූලි 13,14,15) පැවැත්වීමට සැලසුම් කර තිබූ පොදුජන පෙරමුණේ නායක අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන් සහභාගීවීමට නියමිතව තිබූ ප්‍රචාරක රැළි ද අත්හිටවු ඇතැයි ඔහු සඳහන් කළේ ය. ඒ අනුව මාධ්‍ය නිවේදනය මෙසේය..