නාකොටික් ගබඩාවට රජයේ රස පරීක්ෂක යයි...

නාකොටික් ගබඩාවට රජයේ රස පරීක්ෂක යයි...

by Staff writer 12-07-2020 | 8:44 AM

COLOMBO (News 1st) - පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සිය භාරයට ගත් මත්ද්‍රව්‍ය ගබඩා කර තිබූ ගබඩාවෙන් මත්ද්‍රව්‍ය සාම්පල ලබාගත් බව රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව පවසයි.

එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ, මෙරටින් සොයාගත් අදාළ මත්ද්‍රව්‍යවලට වෙනත් ද්‍රව්‍ය මිශ්‍ර කර ජාවාරම් කර තිබේ ද යන්න විමර්ශනයට එම සාම්පල ලබාගත් බවය. අදාළ විමර්ශනය සඳහා 10 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ක්‍රියාත්මක බව ද ඔහු පැවසුවේ ය. රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව පැවසුවේ, අධිකරණ නියෝගයක් මත පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ මත්ද්‍රව්‍ය ගබඩාව තම කණ්ඩායමක් මගින් පරීක්ෂා කිරීමට පසුගිය දා පියවර ගත් බවය. සාම්පලවලින් ලබාගන්නා තොරතුරු සහ විමර්ශන පිළිබඳ අවසන් වාර්තාව සතියක් තුළ අධිකරණයට ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බව ද එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය. මේ අතර අදාළ ගබඩාව යළි මුද්‍රා තැබීමට පියවර ගත් බව අප කළ විමසීමකදී පොලීසිය තහවුරු කළේ ය.