තැපැල් ඡන්ද විමසීම හෙට ඇරඹේ

තැපැල් ඡන්ද විමසීම හෙට ඇරඹේ

by Staff writer 12-07-2020 | 8:49 AM

COLOMBO (News 1st) - මහ මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද විමසීම හෙටින් ආරම්භ වේ.

හෙට ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව හිමිවන්නේ, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවල සේවකයින්ටය. හෙට සිට ලබන 17 වැනි දා දක්වා අදියර කිහිපයක් යටතේ තැපැල් ඡන්ද විමසීම පැවැත්වෙන බව ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේ ය. මහ මැතිවරණයට අදාළ ඡන්ද විමසීම අගෝස්තු 5 වැනි දා පැවැත්වේ.