කන්දකාඩු ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් සොයා මෙහෙයුම්

ගෙවුණු දිනයේ කොරෝනා ආසාදිතයින් 57 වාර්තා වූ අයුරු මෙන්න...

by Staff writer 12-07-2020 | 7:54 AM

COLOMBO (News 1st) - කොරෝනා ආසාදිතයින් 57 දෙනෙකු ඊයේ දිනය (11) තුළ හඳුනා ගෙන ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

එම ආසාදිතයින් 57 දෙනා වාර්තා වූයේ මේ අයුරිනි... ? කන්දකාඩු පුනරුත්ථාපනයෙන් 13 ක් ? ඔවුන්ගේ ආශ්‍රිතයින් 30 ක් ? රාජංගනය ප්‍රදේශයෙන් 5 ක් ? වැලිකන්ද පදිංචි 2 ක් ? හබරාදුව පදිංචි 1 ක් ? ලංකාපුර පදිංචි 1 ක් ? එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ සිට පැමිණි 4 ක් ? කුවේට් සිට පැමිණි 1 ක් ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2511 කි. ඒ අතරින් පුද්ගලයින් 520 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබනු ඇත. මේ අතර කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් කොරෝනා ආසාදිතයින් රැසක් හඳුනා ගැනීමත් සමග ඔවුන්ගේ ආශ්‍රිතයින් සොයා මෙහෙයුම් ආරම්භ කර තිබේ. ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් මහේන්ද්‍ර බාලසූරිය මහතා සඳහන් කළේ, ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් 700 ක් පමණ මේ වනවිට ස්වයං නිරෝධායනයට යොමු කර ඇති බවය. සෙසු ආශ්‍රිතයින් සිටින ප්‍රදේශ මේ වනවිට හඳුනාගනිමින් සිටින බව ද ඔහු සඳහන් කළේ ය. මේ අනුව කොරෝනා අවදානම සම්බන්ධයෙන් ජනතාව වඩාත් විමසිලිමත් විය යුත්තේ, මෙම කාලවකවානුවේදී බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි. බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ, විශේෂ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා සඳහන් කළේ, නිකුත් කර ඇති සෞඛ්‍ය උපදෙස් අකුරටම පිළිපැදීමට ජනතාව වගබලා ගත යුතු බවයි.