ගුවන්තොටුපොළ විවෘත කිරීම කල් යයි

ගුවන්තොටුපොළ විවෘත කිරීම කල් යයි - ඇමති ප්‍රසන්න රණතුංග

by Staff writer 12-07-2020 | 10:06 PM

COLOMBO (News 1st) :  ගුවන්තොටුපොළ විවෘත කිරීමේ දිනය ප්‍රමාද කිරීමටත්, විදෙස්ගත ශ්‍රමිකයින් මෙරටට ගෙන්වීම තාවකාලිකව අත්හිටුවීමට රජය තීරණ්‍ය කර ඇති බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

මාධ්‍යවේදී ප්‍රශ්නය -
විදෙස් රටවල සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් මෙරටට ගෙන්වීමේ ක්‍රියාවලිය තාවකාලිකව නතර කරලා තියෙනවද ?
සංචාරක හා ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා
"නිරෝධායන මධ්‍යස්ථානවලට මේ වනවිට ඉඩ පහසුකම් නැති නිසා රජයක් හැටියට සෞඛ්‍ය අංශ තීරණය කරලා තියෙනවා ඒ ගේන එක තාවකාලිකව නතර කරන්න කියලා"
මාධ්‍යවේදී ප්‍රශ්නය -
මේ අනුව ගුවන්තොටුපොළ විවෘත කිරීම තාවකාලිකව කල් යයිද ?
සංචාරක හා ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා
"අපි බලාපොරොත්තු වෙනවා මේක කල් දාන්න පවතින රටේ තත්ත්වයත් එක්ක රටේ ජනතාවගේ සුරක්ෂිතතාව වෙනුවෙන් සෞඛ්‍ය අංශ එක්ක සාකච්ඡා කරලා. අපි බලාපොරොත්තු වෙනවා මේ ගුවන්තොටුපොළ ආරම්භ කරන එක ප්‍රමාද කරන්න"
මාධ්‍යවේදී ප්‍රශ්නය -
පැමිණීම සම්බන්ධයෙන්?
සංචාරක හා ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා
"සියලුම ශ්‍රී ලාංකිකයින් ලංකාවට ගේන්න ඕනේ කියන තීරණයක ජනපති අගමැති ඉන්නවා. හැබැයි ශ්‍රී ලාංකිකයින් ගෙන්නනකොට මේ රටේ ඉන්න ලක්ෂ 200ක් ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව ගැන හානියක් නොවන විදිහට සෞඛ්‍ය අංශවල උපදෙස් අනුව තමයි කටයුතු කරන්නේ" https://www.facebook.com/NewsfirstSL/videos/733032474191742/