අයිශ්වර්යා හා ආරධ්‍යාටත් කොරෝනා

අයිශ්වර්යා හා ආරධ්‍යාටත් කොරෝනා

by Staff writer 12-07-2020 | 3:49 PM

News 1st – ලෝක ප්‍රකට ඉන්දීය රංගන ශිල්පිනී අයිශ්වර්යා රායි බච්චන්ට සහ ඇගේ දියණිය වන ආරධ්‍යා රායි බච්චන්ට කොරෝනා ආසාදනය වී ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

මේ අතර අයිශ්වර්යා රායිගේ සැමියා වන සුපිරි බොලිවුඩ් නළු අභිෂේක් භච්චන්ට හා ඇගේ මාමණ්ඩිය වන සුපිරි බොලිවුඩ් නළු අමිතාබ් බච්චන්ටද කොරෝනා ආසාදනය වී ඇති බව ඊයේ වාර්තා විය. ඊයේ දිනයේ 77 හැවිරිදි අමිතාබ් බච්චන් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කළේ, ඔවුන් දෙදෙනා රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවය. ඉකුත් දින 10 තුළ තමන් ඇසුරු කළ සියලු දෙනාට නිරෝධායනය වන ලෙස ද අමිතාබ් බච්චන් වැඩිදුරටත් ඉල්ලා සිටියේ ය. මේ අතර කොරෝනා ව්‍යාප්තිය උත්සන්න වීම හමුවේ ඉන්දියාවේ දැඩි අර්බුධකාරී තත්ත්වයක් උද්ගතව ඇත.