අඟුලානේ වෙඩි තැබීම:පොලිසියේ තිදෙනෙකුගේ වැඩ තහනම්

අඟුලානේ වෙඩි තැබීම: පොලිස් නිලධාරීන් තිදෙනෙකුගේ වැඩ තහනම් කෙරේ

by Staff writer 12-07-2020 | 11:23 AM

COLOMBO (News 1st) - මොරටුව, අඟුලාන ප්‍රදේශයේදී පොලීසිය කළ වෙඩි තැබීමෙන් පුද්ගලයකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් තිදෙනෙකුගේ වැඩ තහනම් කර තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා සඳහන් කළේ, ගල්කිස්ස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති විමර්ශනයකින් අනතුරුව එම තීරණය ගත් බවය. එලෙස වැඩ තහනමට ලක් වූයේ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු සහ සැරයන්වරයෙකි. මියගිය පුද්ගලයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමෙන් අනතුරුව දේහය ඥාතීන්ට භාර දී තිබේ. පොලීසිය සඳහන් කළේ, හිසට සිදු වූ වෙඩි වැදීම හේතුවෙන් මෙම මරණය සිදුව ඇති බව පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය වූ බවයි.