English
தமிழ்
කර්තෘ Staff writer
12 Jul, 2020 | 8:09 am
බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සඳහන් කළේ, ඒ පිළිබඳව පොලිස් දෙපාර්තමේන්තුවෙන් කළ විනය පරීක්ෂණයේ වාර්තාව අද ලැබීමට නියමිත බවය.
අදාළ පරීක්ෂණය ක්‍රියාත්මක කෙරුණේ, ගල්කිස්ස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ ප්‍රධානත්වයෙනි.
එම වාර්තාව පදනම් කරගනිමින් සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේ ය.
අඟුලාන, ලුනාව ප්‍රදේශයේ හදිසි මාර්ග බාධක යොදා පොලීසිය කළ පරීක්ෂාවකදී ත්‍රීරෝද රථයකින් පැමිණි පිරිසක් සහ පොලීසිය අතර බහින්බස්වීමක් සිදුව තිබුණි.
එහිදී පොලීසිය කළ වෙඩි තැබීමකින් 39 හැවිරිදි එම පුද්ගලයෙකු මිය ගියේ ය.
මේ අතර මියගිය පුද්ගලයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමෙන් අනතුරුව දේහය ඥාතීන්ට භාර දුන් බව පොලීසිය පැවසුවේ ය.
පොලීසිය සඳහන් කළේ, හිසට සිදු වූ වෙඩි වැදීම හේතුවෙන් මෙම මරණය සිදුව ඇති බවට පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය වූ බවයි.
මරණ පරීක්ෂණ කළුබෝවිල රෝහලේදී ඊයේ සිදු කෙරුණි.
19 Jul, 2020 | 09:47 AM
28 Jun, 2020 | 07:45 AM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS