
කොටුවෙන් හෙළි වූ සහල් ජාවාරම…
කොටුවෙන් හෙළි වූ සහල් ජාවාරම…
කර්තෘ Staff writer
COLOMBO (News 1st) – දිගටි සුදු සහල්, බාස්මතී සහල් ලෙස අලෙවි කිරීමේ ජාවාරමක තොරතුරු අනාවරණය වී තිබේ.
පාරිභෝගික කටයුතු අධිකාරියේ අධ්‍යක්ෂක අසේල බණ්ඩාර මහතා සඳහන් කළේ, පිටකොටුවේ වෙළෙඳ සැල් කිහිපයකින් එවැනි සහල් තොග හමු වූ බවය.
පාරිභෝගිකයින්ගෙන් ලැබුණු පැමිණිලි මත අදාළ විමර්ශන ක්‍රියාත්මක කර තිබේ.
එහිදී වෙළෙඳ සැල්වල බාස්මතී ලෙසින් අලෙවි කරන සහල් සාම්පල, පරීක්ෂාව සඳහා යොමු කිරීමේදී ඒවා දිගටි සුදු සහල් බව අනාවරණය වී ඇතැයි ඔහු සඳහන් කළේ ය.
අදාළ වෙළෙඳ සැල් හිමිකරුවන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට නියමිතය.
බාස්මතී සහල් මිලදී ගැනීමේදී විමසිලිමත්වන්නැයි පාරිභෝගික කටයුතු අධිකාරිය ජනතාවට දැනුම් දෙයි.
එවැනි වෙළෙඳ සැල් සොයා දීපව්‍යාප්ත මෙහෙයුම් ක්‍රියාත්මක වේ.
- නැවත දැනුම් දෙනතුරු ගිනිකොණ දිග මුහුදේ ධීවර කටයුතුවල යෙදෙන්න එපා -කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව
- මැතිවරණ කොමිසමේ සාමාජිකයෙකු ඉල්ලා අස්වීම නිල වශයෙන් දැනුම් දී නැහැ – ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව
- Online ක්‍රමයට විදෙස් ගමන් බලපත්‍ර ලබා දීමේ වැඩසටහන පුළුල් කෙරේ..
- විදුලි සැර වැදී දෙදෙනෙකු මරුට..
- ගෙවුණු දිනය උණුසුම් කළ පුවත්
- උතුරු, නැගෙනහිර විහාරස්ථාන ආශ්‍රිතව පවතින හමුදා කඳවුරු එලෙසම පවත්වාගෙන යාම සුදුසුයි.. – ත්‍රෛයිනිකායික මහා නාහිමිවරුන්ගෙන් ජනපතිට ලිපියක්
- අනවසර විදුලි කප්පාදුවක් නම් දැනුම් දෙන්න – මහජන උපයෝගිතා කොමිසම
- නිදහස් දින පෙරහුරුවට සහ නිදහස් දින උත්සවයට විශේෂ රථවාහන සැලැස්ම
- පාර්ලිමේන්තුව වාර අවසන් කිරීමේ ගැසට් නිවේදනය නිකුත් කෙරේ..
- වසර 66කට පසු එක්සත් රාජධානියේ මෝටර් රථ නිෂ්පාදනය පහතට