හපුතලේදී මියගිය හඳුන් දිවියෙකුගේ මළ සිරුරක්

by Staff writer 11-07-2020 | 4:13 PM

COLOMBO (News 1st) : හපුතලේ - බොරලන්ද මාර්ගයේ යාල, බැද්දේවෙළ ප්‍රදේශයේදී මියගිය හඳුන් දිවියෙකුගේ මළ සිරුරක් අද උදෑසන හමුවී තිබේ.

ප්‍රදේශවාසීන්ගෙන් ලද තොරතුරකට අනුව හපුතලේ වනජීවී නිලධාරීන් එම ස්ථානයට පැමිණි බව අප වාර්තාකරු සඳහන් කළේ ය. අප වාර්තාකරු පැවසුවේ හඳුන් දිවියා වාහනයට හසුව මියගොස් ඇති බවට හපුතලේ වනජීවී කාර්යාලයේ නිලධාරීන් සැක පළ කරන බව ය. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ තවදුරටත් ක්‍රියාත්මකයි.