සූරියවැවදී වන අලියෙකු වෙඩි තබා ඝාතනය කෙරේ

by Staff writer 11-07-2020 | 2:42 PM

COLOMBO (News 1st) : හම්බන්තොට, මදුනාගල, හබරත්තවල ප්‍රදේශයේදී වන අලියකු වෙඩි තබා ඝාතනය කර තිබේ

අප වාර්තාකරු සඳහන් කළේ, ඊයේ රාත්‍රියේ එම වෙඩි තැබීම සිදු කර ඇති බවය. ඝාතනය ලක් වී ඇත්තේ වයස අවුරුදු 20ක පමණ වන අලියෙක් බව අප වාර්තාකරු සඳහන් කළේ ය. අප වාර්තාකරු පැවසුවේ වන අලියා වැටී සිටි ප්‍රදේශ පරීක්ෂා කිරීමේදී බෝර 12 වර්ගයේ පතුරම් දෙකක් සහ වෙඩි තබා ඇතැයි සැක සිතිය හැකි පතුරමක කොටස් ද ආසන්නයේ තිබූ වගා ඉඩමක තිබූ පැළකින් සොයා ගැනීමට හම්බන්තොට වනජීවී නිලධාරීන්ට හැකි වූ බව ය. ඝාතනය වූ වන අලියාගේ මරණ පරීක්ෂණය අද සිදු කිරීමට නියමිත ය.