වරෙන්තුකරුවන් 12,000ක් අත්අඩංගුවට

විවිධ අපරාධවලට සම්බන්ධ වරෙන්තුකරුවන් 12,000 කට අධික පිරිසක් අත්අඩංගුවට

by Staff writer 11-07-2020 | 10:18 AM

COLOMBO (News 1st) : විවිධ අපරාධ සම්බන්ධයෙන් අවශ්‍යව සිටින වරෙන්තුකරුවන් 12,000 කට අධික සංඛ්‍යාවක් පසුගිය මාසය පුරා ක්‍රියාත්මක කළ වැටලීම්වලදී අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා පැවසුවේ දිවයින පුරා සිදු කළ එම මෙහෙයුම්වලදී ගිනි අවි 176 ක් සමග පතුරම් 700 ක ප්‍රමාණයක්ද පොලිස් භාරයට ගත් බවයි. ‍ එම මෙහෙයුම්වලින් හෙරොයින් කිලෝග්‍රෑම් 10 ක් ගංජා කිලෝග්‍රෑම් 608 ක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් තුන හමාරක් පොලිස් භාරයට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා සඳහන් කළේ ය. ඒ සම්බන්ධයෙන් සැකපිට 14,500 ක් පමණ අත්අඩංගුවට ගත් බව ඔහු සඳහන් කළේ ය. දිවයින පුරා සිදු කළ එම මෙහෙයුම්වලදී නීති විරෝධී මත්පැන් ලීටර් හාර ලක්ෂයකට අධික සමග සැකරුවන් 12,000 කට අධික සංඛ්‍යාවක් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ ය.