තවත් මැලේරියා රෝගීන් 08ක්

මැලේරියා රෝගීන් 8ක් නිරෝධායන මධ්‍යස්ථානවලින් හමුවෙයි

by Staff writer 11-07-2020 | 12:09 PM

COLOMBO (News 1st) : මැලේරියා රෝගීන් 08 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානවලින් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

එහි මැලේරියා මර්දන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රසාද් රණවීර මහතා පැවසුවේ මෙම සියලු පුද්ගලයින් විදේශ රටවලසිට මෙරටට පැමිණි අය බවය. වසරේ මේ දක්වා කාලය තුළ මැලේරියා රෝගීන් 20දෙනෙකු වාර්තා වූ බව ඔහු සඳහන් කළේය.