ජනපති අද මහනුවරට

ජනපති අද මහනුවරට

by Staff writer 11-07-2020 | 10:24 PM
COLOMBO (News 1st) : ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද මහනුවර දිස්ත්‍රික්කයේ චාරිකාවක නිරත විය. ඒ, පොදුජන පෙරමුණෙන් මෙවර මහ මැතිවරණයට තරගවදින අපේක්ෂකයන්ගේ ජයග්‍රහණය තහවුරු කිරීමටයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද උදෑසන නාවලපිටිය නගරයට පැමිණිය් ය. අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සංවිධානය කළ මෙම හමුවට ප්‍රදේශවාසීන් විශාල පිරිසක් එක් වූ අතර එහිදී ජනාධිපතිතුමාට හිමි වූයේ උණුසුම් පිළිගැනීමකි. අනුරාධ ජයරත්න මහතා සංවිධානය කළ ජන හමුව පැවැත්වුණේ ගම්පොල නගරයේදීයි. මහා සංඝරත්නය ඇතුළු ආගමික නායකයන්ගේ ආශිර්වාදය ද ජනාධිපතිතුමාට හිමි විය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උඩුනුවරට ද පැමිණ අතර එම අවස්ථාවටද විශාල පිරිසක් එක්ව සිටියහ. එහිදී ජනාධිපතිතුමා පැමිණ සිටි පිරිසගේ සුවදුක් විමසී ය. කිරිබත්කුඹුර පැවැති ජන හමුවට එක් වූයේද අද උදෑසනයි. එහිදී මහා සංඝරත්නය සෙත් පිරිත් සජ්ජායනා කරමින් ජනාධිපතිවරයාට ආශිර්වාද කළහ. බෝගම්බරට පැමිණි ජනතාව තම ගැටලු ජනාධිපතිවරයාට ඉදිරිපත් කළේ ය. මෙම ජන හමුව දිළුම් අමුණුගම මහතා ඇතුළු පිරිසක් විසින් සංවිධානය කර තිබිණ. https://www.facebook.com/NewsfirstSL/videos/283495956218606/