අපේක්ෂකයින් අනවශ්‍ය ලෙස ප්‍රවර්ධනය කළොත් වැඩ වරදී

අපේක්ෂකයින්ගේ නම් සහ මනාප අංක සහිත ටීෂර්ට්, හිස් වැසුම්, මුව ආවරණ පැළඳ පාරේ ගියොත් වැඩ වරදී

by Staff writer 11-07-2020 | 12:35 PM

COLOMBO (News 1st) : අපේක්ෂකයින්ගේ නම් සහ මනාප අංක සහිත ටී-ෂර්ට්, හිස් වැසුම්, මුව ආවරණ පැළඳ ප්‍රසිද්ධ ස්ථානවල ගැවසෙන ගෙයින් ගෙට යන සහ මාර්ගවල ගමන් කරන පුද්ගලයින් අත්අඩංගුවට ගන්නැයි මැතිවරණ කොමිසමෙන් පොලීසියට උපදෙස් ලබා දී තිබේ.

මේ අතර සහතික කිරීමේ නිලධාරීන් විසින් ලබාදී ඇති නිශ්චිත දිනයේදී තැපැල් ජන්දය ප්‍රකාශ කිරීම සිදු කරන්නැයි මැතිවරණ කොමිසම විසින් සියලුම තැපැල් ජන්ද දායකයින්ගෙන් ඉල්ලිමක් කරනු ලැබේ. මෙවර මහ මැතිවරණයේදී තැපැල් ජන්දය ප්‍රකාශ කිරීම සඳහා සුදුසුකම් ලබා ඇති ජන්ද දායකින් සංඛ්‍යාව 705,085කට ආසන්න වේ.