අඟුලාන පොලිස් වෙඩි තැබීම ගැන පුළුල් පරීක්ෂණ

අඟුලාන පොලිස් වෙඩි තැබීම ගැන පුළුල් පරීක්ෂණ

by Staff writer 11-07-2020 | 11:30 AM

COLOMBO (News 1st) : මොරටුව ලුණාව ප්‍රදේශයේදී අඟුලාන පොලීසිය සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මිය යෑමේ සිද්ධිය සම්බන්ධයෙන්, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයෙකු යටතේ පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ.

මෙම වෙඩිතැබීම සිදුවුණේ අඟුලාන හා ලුණාව දුම්රිය ස්ථාන අතර අගුලාන පාලම අසල මාර්ග බාධකයකදී ය. ත්‍රීරෝද රථයක් පරීක්ෂා කිරීම සඳහා නතර කළ අවස්ථාවේ එහි සිටි පුද්ගලයෙකු හා පොලිස් නිලධාරියෙකු අතර සිදුවූ බහින් බස්වීමකින් පසු මෙම වෙඩි තැබීම සිදුව තිබේ. එහිදී පොලිස් නිලධාරියෙකුට ගලකින් පහරදීමට උත්සාහ කර ඇතැයි පොලීසිය පවසයි. සිද්ධිය වන අවස්තාවේදී වෙඩි වැදුණු පුද්ගලායේ පුත්‍රයෙකු හා සහෝදරයෙකු ත්‍රීරෝද රථයේ සිට තිබේ. වෙඩි වැදුණු පුද්ගලයා රැගෙන ගොස් තිබුණේ, කළුබෝවිල රෝහලටයි. සිද්ධිය වූ අවස්තාවේ අදාල ත්‍රීරෝද රථයේ සිටි අයෙකු සිදුවීම පැහැදිලි කළේ ය. ''අත දැම්මහම ලයිසන් ඉන්ෂුවරන්ස් ඉල්ලුවා අයියා ඊට පස්සේ දුන්නා.ඊට පස්සේ අයියගේ සාක්කුවට අත දැම්මා. අයියා එතකොට කිව්වා අපි මේ ගංජා කුඩු ගෙනියන්නේ නැහැ.කියනකොට වෙඩි තිබ්බා.'' වෙඩි වැදුණු පුද්ගලයාගේ ඥාතීන් කිහිපදෙනෙකුද රෝහලට අසලට පැමිණ සිටියහ. අගුලාන පොලිසිය අසලට ඊයේ රාත්‍රීයේ රැස්වූ ප්‍රදේශවාසීන් සිය විරෝධය පළ කළහ. https://www.facebook.com/NewsfirstSL/videos/674836049768540/ https://www.facebook.com/NewsfirstSL/videos/337895627375366/